Saturday, November 12, 2016

නිරුවත් වානරයා ..

ඉස්කෝලේ හය වසර පාස් උනාට පස්සේ වගේ තමයි සාමන්යෙන් කොල්ලෝ ටික නරක් වෙන එක ආරම්භ වෙන්නේ. මම එහෙම කිව්වේ මම ඉස්ස්කොලේ ගිය කාලෙට විදිහට.
දැන් කාලේ නමි හොද හොඳ ඇම්ඩන් ලා ඊටත් පහල පන්ති වලදී හොයාගන්න ඇහැකි.ඉතිං මේ වයසේදී තමයි සිංහල භාශාවේ තියන සම්භාව්‍ය වචන එහෙම අප්ඩේට් වෙන එක
ආරම්භ වෙන්නේ.හැබැයි ඔව්වා වැරදිලා හරි ගෙදරදී කියවුනොත් සිද්ද වෙන දේ ආයේ කියන්න ඕන නෑ නේ.ඒ විතරක් නෙවෙයි. කුලුදුල් ප්‍රථම ප්‍රේම පුරාණ බිහිවීම අරඹන්න
කට්ට්ය පටන් ගන්නෙත් ඔය වයසේදී තමයි.මේ තියෙන්නේ අපේ හිතවතෙක් එයාගේ හිතවතියගේ ගෙදරට දුන්න දුරකතන ඇමතුමක්.ඒ කාලේ දැන් තරම් හෑන්ඩ් ෆෝන් තිබුනේ නෑ
නොවැ මල් කඩන්න. ඒ නිසා ලෑන්ඩ් ලයින් එකට තමයි කතා කරන්න ඕන.හැබැයි නියමිත වෙලාවට ෆෝන් එක ළඟ නොහිටියොත් විනාසයි. අපේ මිත්‍රයා ට උනෙත් ඒ ටිකම
තමයි. කරුමෙක මහත .ඇමතුම ගත්තේ කෙල්ලගේ තාත්තා!
මිත්‍රයා : හලෝ…
පියා   : හලෝ. කවුද මේ?
මිත්‍රයා :මේ.. මේ… ප්‍රර්ථනා ඉන්නවද?
පියා   :තමුසේ කවුද? මම ප්‍රාර්ථනා ගේ තාත්තා!
මිත්‍රයා :ආ… මේ ප්‍රාර්ථනා ගේ තාත්තා ද? සොරි අන්කල්… රෝන්ග් නම්බර් එකක්.
මම ඉස්කෝලේ නවය  වසරේ  ඉන්නකොට මගේ අතීසාර මිත්‍රයා තමයි හේමන්තයා.ඒ කාලේ මිනිහට ඇතිවෙන සියලුම ගැටළු වලට අවශ්‍ය බුද්දිමත් උපදෙස් මම ඔහුට නොමිළේ ම
ලබා දුන්නා.සියලුම ගැටළු කියන්නේ මොනවාද කියලා තේරෙනවා ඇතිනේ.හැබැයි මම ගැන වැරදියට හිතන්න එපා. මම නොදන්නා හැම මගුලකටම ඒ කාලේ පොත් රිෆර්
කරා.(මොකද දැන්  කාලේ වගේ ඒ කාලේ ගුගල් සර්ච් නෑ නේ).මට බිරිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලය,ඉස්කෝලෙ පුස්තකාලය,වගේම මහජන පුස්තකාලයේන් පවා පොත්
ලැබුණා.ඩෙස්මන්ඩ් මොරිස් ගේ නිරුවත් වානරයා කියන පොත මට තවම මතකයි.කොල්ලෝ කියන ඕන කුණුහරුපෙකට අවශ්‍ය   විද්‍යාත්මක අරුත මගේ පුංචි මොලේට වැටහුනේ
ඒ පොත් වලට පින් සිද්ද වෙන්න.මගේ හැකියාව මැනවින් හඳුනා ගත් හේමන්තයා එදිනෙදා ජීවිතේ ඇතිවන සාමාන්‍ය ගැටළු වලට අම්මා ගෙනුත් ,එදිනෙදා ජීවිතේ ඇතිවන
අසාමාන්‍ය ගැටළු වලට මගෙනුත් තමයි වශයෙන්  පිළිතුරු ලබා ගත්තා.

ඔන්න දවසක් උදේ පාන්දර මිනිහා මගෙන් අහනවා “මේ ජනිත් , මොකටද මේ ඔසප්  වෙනවා කියන්නේ? මොකක් හරි නරක දෙයක් ද?” කියලා අහපි.මේ යකා උදේ
පාන්දර අහපු ඒ වල් බූන ප්‍රශ්නේ අහල මමත් මුලදී හොල්මන් උනා. හැබැයි අහපු විදිහෙන් මට තේරුණා මු මොකක් හරි හුටපටයක් ඇදගන මට්ටු වෙලා තමයි මේ ඉන්නේ කියලා.
ඉතිං මම ඇහුවා ඇයි මචං මොකද උණේ කියලා. මිනිහා මුලින් ටිකක් අදී මදි කරත් පස්සේ මම හෙන අමාරුවෙන් ෆුල් ස්ටෝරි එකම අහ ගත්තා.හේමන්තයා ට මේ අලුත් වචනේ
හම්බවෙලා තියෙන්නේ කාන්තා පත්තරේක තිබිලා.(නම කියන එක වෙළඳ ප්‍රචාරණයක් වෙන නිසා කියන්නේ නෑ හොඳේ.)මු ඒ පාර ඒ නොදන්න වචනේ තේරුම අම්මා
ගෙන් අහලා…
ප.ලි. මෙහි සදහන් නම් ගම් පමණක් ටිකක් විතර මනක්කල්පිත වන බව කරුණාවෙන් සලකන්න.